Wachana Nathi Pinthoora Katha – 6

රු480.00

වචන නැති පින්තූර කතා – 6

Description

වයස අවුරුදු 3 – 6 අතර අපේ සිඟිත්තන්ගේ ලෝකයට ඉදිරිපත් කෙරෙන මෙම වචන නැති පින්තූර පොත් පෙළෙහි, එක පෙතකට කතා 8 බැගින් සරල පින්තූර කතා 80ක් අන්තර්ගත කර ඇත.  මෙම පොත් පෙළ සම්පාදනය කිරීම සඳහා ලේඛකයන් 15 දෙනෙකු සහ චිත්‍ර ශිල්පීන් 30 දෙනෙතු දායකත්වය ලබා දී ඇත.

එකිනෙකට වෙනස් තේමා අනුව ලියැවුණු සරල කතා 80ක් සදහා එකිනෙකට වෙනස් ච්ත්‍ර  ශෛලීන් ඔස්සේ සිතුවම් නිර්මාණය කර ඇති මේ  පොත් පෙළ මගින් දරුවාට අපූරු කතා ලෝකයක සැරිසරන්න සුන්දර අවස්ථාවක් උදා වී ඇත.

අපේ සිගිත්තන්ට විධිමත් ආකාරයට අකුරු කියන්න, ලියන්න උගන්වන්නේ පළමුවන ශ්‍රේණියේ දී බව ඔබ දන්නා කරුණකි. මෙම අවධියට පෙර පින්තූර කියවීමට සහ පින්තූර හතරක් එකතු කරමින් පුංචි සරල කතාවක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දීමෙන් දරුවාට සතුට හා විනෝදය ලැබෙන අතර ම එය දරුවාගේ පහත සඳහන් අංශ සංවර්ධනයට ද මහත් පිටිවහලක් වේ.

  • උසස් රසවින්දනයක් කරා රැගෙන යාම.
  • පෙර කියවීමේ කුසලතා සංවර්ධනය වීම.
  • පරිකල්පන ශක්තිය දියුණු වීම.
  • පුළුල් ලෙස සීතීමේ හැකියාව සංවර්ධනය වීම.
  • ජීවී අජීවී ලෝකය පිළිබද දරුවාට පුළුල් අවබෝධයක් ලැබීම.

Additional information

Weight .160 kg
Dimensions 21 × 28.2 × .3 cm
Shopping Cart